උපායමාර්ග අපනයන සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රමය යටතේ 2017 හා 2020 වැඩසටහන යටතේ අපනයනකරුවන් 2000 බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළ උතුරු පළාතෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ 2020 වසර වනවිට ග්රාමීයව අපනයනකරුවන් 2000ක් බිහිකිරීමට නියමිතය.
මේ අනුව දේශීය භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් සඳහා අපනයන තත්ත්වයට භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබාදීමේ පහසුකම ලබාදීම සිදුකෙරේ.
මීට අමතරව අපනයන ක්ෂේත්රයට පැමිණීමට බලාපොරොත්තුවන නව ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය තාක්ෂණ පහසුකම් ලබාදීමටද රජය සැලසුම් කර ඇත.
මෙහි පළමු වැඩසටහන මේ මස 23 වැනිදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.