නව අගමැතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙහි කිසිදු සාකච්ඡාවක් සිදු නොවුන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා පැවසීය.
ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (21දා) මාධ්‍යවේදීන් අමතමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“නව අගමැතිවරයෙක් පත් කිරීම ගැන ඇතැම් අය දක්වන අදහස් ඒ අයගේ පුද්ගලික අදහස් වෙන්න පුළුවන්. නමුත් මම වගකීමෙන් යුතුව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට එවැනි කාරණාවක් පිළිබඳව මේ දක්වා කිසිඳු සාකච්ජාවක් හෝ කිසිඳු තීරණයකට ඇවිත් නැති බව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල නායකයා කවුද කියා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 2015 ජනවාරි මස මැද භාගයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම කාරක සභාවේ පූර්ණ එකඟත්වය මත පක්ෂයේ නායකයා හැටියට පත් වුණේ. අද දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ යැයිද පවසා සිටියේය.
බද්දේගම සරත් ආනන්ද