විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණක් නව ආණ්ඩුවක් පිහිටුවීමට රතන හිමියන් යෝජනා කරන්නේ වෙනත් අයෙකු අගමැති පුටුවට පත් කරගැනීමේ වුවමනාවක් උන්වහන්සේට ඇති නිසාදැයි සැකයක් මතුවන බව කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය 20 වැනි සංශෝධනයට එකඟ නමුත් 20 ට මුවා වී ජනතාව අපේක්ෂා කරන මහ මැතිවරණය ප්‍රමාද කිරීමට විරුද්ධ බවත්, මේ වනවිට සුළු හා ප්‍රධාන පක්ෂ බහුතරයක් මැතිවරණයකට කැමති නමුත් ජාතික හෙළ උරුමය මැතිවරණය පැවැත්වීමට විරුද්ධව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා අද (17දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.