(UPDATE) 3.43 PM
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සතොස හිටපු සභාපති නලින් ප්රනාන්දු මහතා එළැඹෙන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්රාත් නියෝග කළේය.
2015 ජනපතිවරණ සමයේදී සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ සතොස හිටපු සභාපති නලින් ප්රනාන්දු මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීමෙන් පසුව හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගත් අතර ඔහු කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.