නදීෂා එජාපයෙන් මාතරට
පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ නදීෂා හේමමාලිට මාතර දිස්ත්රික්කයෙන් නාමයෝජනා හිමි වී තිබේ.
බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා සහ ජින්ජර්ට යන තිදෙනාට නාමයෝජනා නොලැබී ඇත.
තමාට නාමයෝජනා ලැබීම පළිබඳව නදීශා ‘අදට’ මෙසේ අදහස් දැක්වීය.
“මම දකුණු පළාතෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට නාමයෝජනා අත්සන් කළා ඊයේ (04දා) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී. ඒ අනුව මම දකුණු පළාතේ මාතර දිස්ත්රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මා හට නාම යෝජනා ලැබීම පිළිබඳවද සතුටු වෙනවා.
ඒ වගේම මෙවර එ.ජා.පය නියෝජනය කරන එකම කලාකාරිනිය මමයි. එයත් මට ලොකු ආඩම්බරයක් ජනතාව වෙනුවෙන් කැපවී ජනතා සේවය කිරීමට ලැබීම.ඉදිරියටත් මම කැපවී සිටින බව මේ මොහොතේ ප්රකාශ කර සිටිනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

