නඩු ප්‍රමාද කළේ අධිකරණ ඇමතියි
නඩු ප්‍රමාද කළේ අධිකරණ අමාත්‍යවරයා බවත් අධිකරණ ඇමතිගේ ගැටලු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එසේම ඔහු ඉල්ලා අස්වීමට නියමිත බවත් තමා කළ වැඩ කොටසින් දාහෙන් එකක් හෝ අධිකරණ අමත්‍යවරයා සිදු කර ඇති බව පෙන්වුවහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
දොම්පේ කිරිඳිවැල නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවයට ඊයේ (20දා) පස්වරුවේ එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අධිකරණ ඇමැතිවරයාගේ ගැටලු තිබෙනවා. වසර දෙකහමාරක් නඩු විභාග නොකර සිටීමට බලපෑම් කළේ අධිකරණ ඇමැතිවරයායි. විශේෂ අධිකරණයක් ස්ථාපිත කර නඩු විභාග කරන්න තීරණය කළාම අධිකරණ අමාත්‍යවරයා කියනවා ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍යයයි කියලා. දිනපතාම නඩු විභාග කළ යුතුයි.
පසුගිය රජය සමයේ ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව ද දිනපතාම නඩු ඇසිය යුතුයි. මම මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේදී ප්‍රශ්න කළා. හිටපු නීතිපති තිලක් මාරපන මහතා එය සනාථ කරමින් පිළිතුරු ලබා දුන්නා. විශේෂ අධිකරණ 03ක් ස්ථාපිත කර නඩු විභාග ආරම්භ කළ හොත් යළි පොහොට්ටුව පිපෙන්නේ නැහැ.
හොරගල් අහුලපු රජයේ ඇමැතිවරුන්ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පක්ෂව කවුරුත් කතා කළේ නැහැ. චෝදනා කළා පමණයි.bබුද්ධ ශාසනයේ අයිතිය වෙනුවෙන් අද එම ඇමැතිවරයා කතා කරනවා. තනතුරින් ඉවත් කිරීමට සූදානම් වන අන්තිම කාලයේ එල්ලෙන්නේ ජාතියෙයි, ආගමෙයි. හොරුන් වෙනුවෙන් පෙනී ඉඳලා තමයි ජාතිය, ආගම ගැන කතා කරන්නේ. මගේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ගැනත් කරුණු ඉදිරිපත් කරනවා. ඒ ගැන මම ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. එම ඇමැතිවරයා ළඟ තබාගෙන උත්තර දෙනවා.
මම සෞඛ්‍ය ක්ෂේත්රයේ කර තිබෙන වැඩ වලින් දාහෙන් එකක් ඔහු කරලා නැහැ. කරලා තිබෙනවා නම් පෙන්වන්න. එවිට මම සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නම්. මම ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත මෙම අමාත්‍යවරයාට යෑමට ඉඩ සලස්වන ලෙසයි. එවිට අපේ රජය ආරක්ෂා වනවා” යැයි පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

