නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වීම, අධි ආරක්ෂිත කලාපයකට බලෙන් ඇතුළුවීම හා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරිමේ චෝදනා යටතේ නොතීසි නිතුක් කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 13ක් ඇප මත නිදහස් කිරීම කොටුව මහේ්ස්ත්රාත් ප්‍රියන්ත ලිනයනගේ මහතා අද (04දා) නියෝග කළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසුගිය මාර්තු මස 30දා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට අරලිය ගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් විරෝධතා පැවැත්වමට කටයුතු කිරීම හේතුවෙන් මෙම ඉහත චෝදනා සිසුන්ට එරෙහිව ගොනු කර තිබුණි.