ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාකිරීම නිසා රක්ෂිතය දැඩි අනතුරකට ලක්වී තිබියදී මාතලේ ප්‍ර‘දේශයේ දේශපාලඥයෙකු තවදුරටත්
එන්සාල් වගාව ව්‍යාප්ත කිරීමේ උත්සාහයක නිරතවන බව මාතලේ පරිසර සංවිධාන පවසා සිටී. මේ නිසා ලෝක උරුම ලැයිස්තුවෙන් නකල්ස් රක්ෂිතය ඉවත් වී මහවැලි, මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති අසාර්ථක වීමේ තත්ත්වයක් ඇති වන බව එම සංවිධාන සඳහන් කරයි. නකල්ස් රක්ෂිතය තුළ එනසාල් වගාව පැතිරීයෑමෙන් ලෝක උරුම නකල්ස් වනාන්තරය තුළ පමණක් ජීවත්වන සත්ත්ව විශේෂ 19ක් හා ශාක විශේෂ 06ක් මුළු ලෝකයෙන්ම තුරං වී යා හැකි බවද එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. දැනටමත් නකල්ස් රක්ෂිතය තුළ විශාල ලෙස එනසාල් වගාකිරීම සිදුකරන බවත්, මෙම නීතිවිරෝධී කටයුතු නැවැත්වීමට කටයුතු කරන වනසංරක්ෂණ නිලධාරීන්ට මාතලේ ප්‍ර‘දේශයේ දේශපාලනඥයෙකු බැණ තර්ජනය කිරීම් සිදුකරන බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති. මෙලෙස වනසංරක්ෂණ නිලධාරීන්ට බැණ තර්ජනය කරන දේශපාලනඥයා විසින් එන්සාල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් තිබෙන බවද එම සංවිධාන පෙන්වා දෙති.