එක්දින ධීවර යාත්රාවක් සහ ධීවරයන් තිදෙනෙකු සොයාදෙන ලෙස ඉල්ලා ධීවර පවුල්වල ජනතාව අද (28දා) තිස්ස-මාතර ප්රධාන මාර්ගයේ පල්ලික්කුඩාව මාර්ගය හරස්කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම ධීවර යාත්රාව ධීවරයන් තිදෙනෙකු සමගින් පසුගියදා (23දා) තංගල්ල ධීවර වරායන් පිටත්ව ගොස් ඇති අතර, මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද මෙතෙක්ඔවුන් සෙවීමට පියවරක් නොගත් බව ධීවර ජනතාව පවසති.
මෙම උද්ඝෝෂණය නිසා මාර්ගයේ ඇති වූ දැඩි වාහන තදබදය ඉවත් කිරීමට තංගල්ල රථවාහන පොලිස් ඒකකය විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ජනතාව දැනුවත් කරයි.