ධීවරයින් 1490කට වෝටර්පෘෘෆ් ටැබ්
රුපියල් මිලියන 149 ක වියදමින් ධීවරයන් 1490 දෙනෙකු වෙත ටැබ් පරිගණක ලබාදීමට රජය කටයුතු යොදා ඇති බවත්, ඒ අනුව ඉදිරි මාස 03 ක කාලය ඇතුළත ඒවා ධීවරයන් වෙත බෙදාදීමට නියමිත බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පවසා සිටින්නේ අදාළ ටැබ් පරිගණක ජලයේ වුවද හානියකින් තොරව තබාගත හැකි වන පරිදි සකස් කරන ලද ඒවා බවයි.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදේදී සිදුකරනු ලබන නීති විරෝධී කටයුතු වැළැක්වීම අරමුණු කරගනිමින් පරිගණක තුළ ධීවර යාත්‍රා නියාමන පහසුකම් ඇතුළත් කර ඇතැයිද අමාත්‍යාංශය පවසයි.
ජාත්‍යන්තර මුහුදේදී අල්ලාගනු ලබන මසුන් පිළිබඳ නිවැරදි දත්ත සටහන් කිරීමක් ශ්‍රී ලාංකික ධීවරයන් විසින් සිදු නොකිරීම ඇතුළු තවත් කරුණු ගණනාවක් මූලික කරගනිමින් පසුගිය කාලයේ යුරෝපා මත්ස්‍ය තහනම පැනවූ බවත්, කෙසේ වුවද වත්මන් රජය විසින් යුරෝපා සංගමයේ ක්රමෝපායන් 52කට එකඟත්වය පළකළ අතර, එහිදී මූලික අවශ්‍යතාවක් වූ අල්ලාගනු ලබන මසුන් පිළිබඳ නිශ්චිත සටහන් තබාගැනීමේ පහසුව උදෙසා මෙම ටැබ් පරිගණක ලබාදෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

