ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලු විසඳීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡා කල්යාම හේතුවෙන් ඉන්දීය ධීවරයන් කනස්සල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු ලංකා ධීවර ගැටලු විසඳීම සඳහා තමිල්නාඩු ධීවරයන්ට වීසා ලබාදීම සඳහා තමිල්නාඩු රජය කටයුතු කළත්, ඒ සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිසිපරිදි මැදිහත් නොවීම හේතුවෙන් ධීවරයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ බව තමිල්නාඩු වාර්තා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත් සේවය පැවසීය.