ආපදා තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව සිටි තවත් ධීවරයින් සිවු දෙනෙකුගේ සිරුරු හමුවූ බව පොලීසිය කියයි.
ඒ අනුව පසුගිය 28 දා හික්කඩුව වරායෙන් ධිවර රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුර ඊයේ (01දා) තෙල්වත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබුණි.
හික්කඩුව ධිවර වරායෙන්ම මුහුදු රැකියා සඳහා පිටත්ව ගිය තවත් ධීවරයෙකුගේ සිරුරක් ගල්කැටිය මුහුදු වෙරළට ගොඩ ගසා ඇත. ඔහු පසිගය 29දා මුහුදු ගිය පුද්ගලයෙකි.
මීට අමතරව අකුරළ වෙරළ තීරයට තවත් ධීවරයෙකුගේ සිරුරක් ගෙඩ ගසා ඇති අතර ඔහු පසුගිය 29 දා මුහුදු ගොස් ඇති ධීවරයෙකි.