දමිළ ධීවරයින්ට ශ්රී ලංකා නාවික හමුදාව විසින් පහරදීමට ඉන්දු - ශ්රී ලංකා සබඳතාවලට ගැටලුවක් ඇතිවෙනු ඇතැයි තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි මහතා සඳහන් කරයි.
මෙම පහරදීම සිදුකළේ හැමදෙනාටම සමාන අයිතිවාසිකම් තිබිය යුතු බවට ඉන්දීය අග්රාමාත්යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්රකාශයෙන් පසුව බවද කරුණානිධි මහතා සඳහන් කරයි.
එසේම දමිළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දීය අග්රාමාත්යවරයා පියවර ගනිමින් තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
ද හින්දු ඇසුරෙනි