ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා සමස්ත කර්මාන්තයේම දත්ත හා තත්ත්ව වාර්තාවන් විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ නාරා ආයතනයට ලබාගැනීමට සැලසුම් කර තිබෙන බව එම ආයතනයේ ව්‍යාපෘති නිලධාරී තරංග බුද්ධික මහතා සඳහන් කළේය.
මේ වනවිට නාරා ආයතනය ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය වෙන වෙනම දත්ත රැස් කිරීමක් සිදුවුවත් එය විධිමත්ව සිදුනොවන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා මෙම ආයතන දෙකේ සහයෝගය ලබාගෙන සියලුම දත්ත තාක්ෂණ ක්‍රමවේදයක් හරහා ලබාගෙන කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සැලසුම සකස් කරන බවද තරංග බුද්ධික මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙළ හරහා ධීවර වරායන්වල තත්ත්වය, මත්ස්‍ය අස්වැන්න, කර්මාන්තයේ නිරත වී සිටින ප්‍රමාණය, ඉවත්ව යන හා කර්මාන්තයට එකතුවන පිරිස් පිළිබඳව හා කර්මාන්තය තුළ ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ දත්ත ලබාගැනීම සිදුකරණ බවද ව්‍යාපෘති නිලධාරිවරයා සඳහන් කළේය.