ඉන්දු ‐ ශ්‍රී ලංකා ධිවර ගැටළුව ගැන සාකච්ඡා කිරීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැයි මාසයේදී ඉන්දියාවේ සංචාරයක යෙදීමට නියමිත බව අමාත්‍යාංශය පැවසීය.
මෙරට මුහුඳු සීමා උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ කටයුතු වල නිරතවූ ඉන්දීය ධීවරයින් හැට හතරදෙනෙකු හා ධීවර යාත්‍රා 86ක් මේ වසරේ මුල් මාස දෙකේ දී අත්අඩංගුවට ගනු ලැබූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය මාස දෙකේදී මොවුන් බොටම් ට්‍රෝලින් නැමැති තහනම් දැල්පන්න ක්‍රමය උපයෝගී කරගනිමින් මසුන් අල්ලා ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරයි.