ධර්ම චක්‍රය සවිකරන ලද සපත්තු විකිණීමට වෙළෙඳ සැලක තබාගෙන සිටි බලංගොඩ නගරයේ ව්‍යාපාරිකයෙකු බලංගොඩ පොලීසිය විසින් ඊයේ (29දා) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පාවහන් වෙළෙඳ සැල බලංගොඩ ප්‍රධාන බස්නැවතුම් පොළ ඉහළ මහලේ පිහිටා තිබේ. සපත්තු මිලදී ගැනීමට ගිය තරුණයන් තිදෙනෙකු සපත්තු තෝරද්දී ධර්ම චක්‍ර ලාංඡනය යෙදූ සපත්තු දැක බලංගොඩ ශාසනා රක්ෂක බලමණ්ඩලයට දැනුම්දීමෙන් පසු මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
රත්නපුර - මලිති පෙරේරා