විරුද්ධ පක්ෂය විසින් මේ අවස්ථාවේදී දෝෂාභියෝගයක් ගෙන ආ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව නොව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව බව දකුණු පළාත් හිටපු අමාත්‍ය මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.
දකුණු පළාත් ඇමති ඩී.වී.උපුල් මහතාට ඇප ලබාදීමෙන් පසුවඊයේ (15දා) කොළඹදී මාධ්‍ය අමතමින්ඔහුමෙම අදහස් ප්‍රකාශ කළේය.
ජනවාරි 9 වැනිදා සිට සිදු වූ සියලු දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරය පිරිනැමීමත් ව්‍යවස්ථා විරෝධී බව ඔහු පැවැසීය.
අග්‍රමාත්‍යවරයා පත්වීම නීතිවිරෝධී බවත්, එහෙයින් ඔහු සිදුකරන සියලු දෑ නීතිවිරෝධී බවත් හිටපු අමාත්‍යවරයා පැවැසීය.
“මූල්‍ය අපරාධ කොට්ඨාසයක් පත්කිරීමත් නීති විරෝධීයි. මේක හරිම හාස්‍යජනකයි. මේක අදාළ වෙන්නේ පසුගිය රජයේ අපරාධවලට පමණයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයට නායකත්වය දෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් වෙනම කැබිනට් අනුකමිටුවක්. රංජන් රාමනායක වගේ ජෝකර්ලත් මේ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයෝ. මේවා පාර්ලිමන්ට් ජෝක්ස්. මම බය නැතිව කියනවා මේක නීතිවිරෝධී පොලීසියක්. මේක කොටි පොලීසියට මම සමාන කරන්නේ.
කොටි පොලීසිය වගේ තමයි රනිල්ගේ පොලීසිය. නීතිවිරෝධී පොලීසියක් නම් ඒ අයට ආයුධ තියෙනවා. එහෙම ගිහිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්නවා කියන්නේ ඒක ත්‍රස්ත පොලීසියක්. ප්‍රකාශයක් ගන්න කවුරුහරි එන්න කිවුවට යන්න එපා කියලයි මම කියන්නේ. ගල්ගහන්න කියලා මම කියන්නේ නෑ. නීතිවිරෝධී පුද්ගලයෙක් තමන්ව ගෙදරට ඇවිත් අත්අඩංගුවට ගන්න හැදුවොත් දොර පොල්ල ගන්න කියලා මම මහජනතාවට කියන්න කැමතියි” යැයි ඔහු එහිදී පැවැසීය.