ඉන්දීය ආධාර යටතේ නවීකරණය කරනු ලැබූ යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීම ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිදුකිරීමට නියමිතය.
එළැඹෙන 18 මෙම විවෘත කිරීම සිදුවන අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගොස් විවෘත කිරීම සිදුකරන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අන්තර්ජාලය හරහා ඒ සඳහා එක්වීමට නියමිතය.
ඒ අනුව වීඩියෝ සාකච්ඡා (video conferencing) හරහා ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී කතාවක්ද පැවැත්වීමට නියමිතය.