වැලිඔය ළිඳ වැව දකුණ ප්රදේශයේදී අද (02දා) උදෑසන නිවසක වසා තිබූ දොර මාස 08 ක් වයසැති බිළිඳා මතට පෙරළීම නිසා බිළිඳා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිඔය පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, අවිස්ක දෙනුවන් කරුණාසේන නමැති බිළිඳෙකි.
බිළිඳා නිවසෙහි සිටි අවස්ථාවේදී පියා අසල වැවට ගොස් ඇති අතර මව මිදුලේ කාර්යයක නිරතවී සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
අදාළ දොර සවි නොකරන ලද හේත්තු කරන ලද දොරක් හෙයින් පැවැති සුළං තත්ත්වය හේතුවෙන් දොර පෙරළෙන්නට ඇති බවට වැලිඔය පොලීසිය සැක පළකරයි.