බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා දොම්පේ ප්‍ර‘දේශයේ නව බන්ධනාගාරයක් ඉදිකරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
එහි ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට වසර 2ක් පමණ ගතවන බවද හෙතෙම කීය. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මෙම බන්ධනාගාරයට රැගෙන යන බවද ඇමතිවරයා සඳහන් කළේය.