එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට දේශීය යාන්ත්‍රණයක් තුළින් ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයට උපරිම සහාය දෙන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය ෆුමියෝ කිෂිදා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.
අද (05 දා) පෙරවරුවේ ජපානයේ තෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේ දී පැවති මේ හමුවේදී ජපාන විදේ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවැසූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එසේම බිඳ වැටුණු දේශීය සහ ජාත්‍යන්තර විශ්වාසය යළි ගොඩනගා ගැනීම සඳහා වත්මන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය තම ජපානයේ ප්‍රශංසාවට බඳුන් වන බවද ඔහු පවැසූ බව මාධ්‍ය ඒකකය සඳහන් කරයි. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිහං මහතා පැවැසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ආසියා නියෝජනය ප්‍රමාණවත් නොවන හෙයින් එහි නියෝජිත අසුනක් ලබා ගැනීම සඳහා ජපානයට පූර්ණ සහය ලබා දීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි.