නොවැදගත් දේශපාලනය නිසා උතුරු පළාතේ සංවර්ධනය පමා නොකරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපනය දිස්ත්රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීම අමතමින් පැවැසීය. එසේම දේශපාලනය හා සංවර්ධනය යනු අන්ත දෙකක් බවත් හෙතම කියයි.
ඉරණමඩු ජලාශය පසුගිය වසර 92ක කාලය තුළදී සංවර්ධනය කර නොමැති බවත් උතුරු පළාතට දකුණින් ජලය ගෙනයාමේ කිසිම දේශපාලයක් නොමැති බවත් ජනපතිවරයා පවසයි.
එසේම අද (13දා) යාල් දේවි දුම්රියෙන් යාපනයට ගමන් කිරීමේදී එදා යුද පිටි අද කුඹුරු බවට පත්ව තිබෙන අයුරු දැකගත හැකිවූ බවත් හෙතෙම කීය.
ජනපතිගේ ට්ව්ටර් ගිණුම ඇසුරෙනි