ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 17 වන බදාදා
බදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර පිහිටි ගල්කොරියේ ගල්කැඩීම සඳහා පෙරේදා සවස අනාරක්ෂිත ලෙස පුපුරන ද්‍රව්‍ය යොදා කළ බෝරදැමීමමකදීමීටර් 300 ක් පමණ ඈතට විසි වූ ගල් කැබැල්ලක් වැදී එම ස්ථානයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතිකයෙකු තුවාල ලබා ඇති අතර, ඔහුගේ යෙහෙළිය සිදුවීමෙන් කම්පනයට පත්ව රෝහල්ගතකර ඇතැයි ඇල්ල පොලීසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනාම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර,වම් අතට බරපතළ තුවාල සිදුව ඇති චාලි රොබෙයිරෝ (24) නමැත්තා සැත්කමකට ලක්කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම පිපිරීමේදී මීටර් 400 ක් පමණදුරට විසිවූ තවත් කළුගල් කීපයකින් ඊට නුදුරින්පිහිටි තේ කම්හලකටද හානිසිදුව තිබේ.
මෙම විදේශීය සංචාරකයන් දෙදෙනා දෙමෝදර තේ වත්තේ තේ කම්හල යැයි සිතා එය නැරඹීම සඳහා මෙම ගල්කොරිය ආසන්නයේ ඇති දැනට පෞද්ගලික අංශයකට බදු දී ඇති තේ කම්හලට පැමිණ ඇති අතර, එම ස්ථානය පැමිණිමෙන් පසු නිවැරදි තොරතුරු දැනගත් සංචාරකයන් දෙදෙනා තමන් පැමිණි යතුරුපැදිය හරවා යළි දෙමෝදර තේකම්හල නැරඹීම සඳහා යාමට ප්‍රධාන මාර්ගයට පැමිණෙනවාත් සමගම මෙම පිපිරීම සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූයේ යැයි ඇල්ල පොලීසිය පවසයි.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd