වව්නියාව නෙඩුන්කේනි දෙමළ ජාතික සන්ධානයේ හිටපු සභාපතිවරයෙකු ඇතුලු පිරිසක් අද (10සා) වව්නියාවේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත්තේය.
වව්නියාවේ විශාලතම ප්රාදේශීය සභාවලින් එකක් වන වව්නියාව උතුර නෙඩුන්කේනි ප්රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු සභාපති වූ එම්.බාලසුබ්රමණියම් මහතා ඇතුලු 20 කට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂ වව්නියාව ප්රධාන සංවිධායක පී.ඒ.කරුණාදාස මහතා ඉදිරියේදී පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
එහිදී හිටපු සභාපතිවරයා කියා සිටියේ පසුගිය සමයේදී දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දීම වෙනුවට පෞද්ගලික බල ලෝභීත්වය වෙනුවෙන් ක්රියාකිරීම හේතුවෙන් බොහෝ පිරිසක් පක්ෂය සම්බන්ධයෙන් කල කිරීමකට ලක්ව ඇති බවයි.