දෙමළ ජාතික සන්ධානයෙන් EPRLF තනිවම තරග කරයි
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිවම තරග කරන බවට දැනුම් දී ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය අතර ඊයේ (04දා) යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි.
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය මැතිවරණයේදී මන්ත්‍රී ආසනයක් දිනාගැනීමට අපොහොසත් විය. තවද ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය සමග පසුගිය කාලයේ ඇති වූ ගැටීම් හේතුවෙන් එම පක්ෂය සමග එක්ව දෙමළ ජාතික සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නොහැකි බවට ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය විසින් දෙමළ ජාතික සන්ධානයට මෙහිදී දැනුම් දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


