ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවට සමාන හිමිකම් මෙන්ම සමාන අවස්ථා ලබා දීමට කටයුතු කළ යුතු බව ඉන්දීය නාගරික සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය එම්. වෙන්කයියා නායිදු සඳහන් කරයි.
ඊයේ (30) දා භාරතීය ජනතා පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම ඉන්දීය ධීවරයින් කොන්දේසි රහිතව නිදහස් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව සිය ස්තූතිය ශ්‍රී ලංකාවට ප්‍රකාශ කිරීමටත් ඇමතිවරයා කටයුතු කළේය.