අගුනකොළපැලැස්ස ප්‍රදේශයේ මාස දෙකක් පමණ වයසැති කුඩා දරුවෙකු අද (29දා) අලුයම මියගොස් තිබේ .දෙමා පියන් පවසන්නේ ඊයේ (28 දා) පෙරවරුවේ දරුවාට විදින ලද මාස දෙක සම්පුර්ණ වීමේ එන්නත විෂ වීමෙන් දරුවා මියයන්නට ඇති බවයි. එම එන්නතේ විෂවීමක් වනවානම් පැයක පමණ කාලයක් හෝ උපරිම පැය තුනක කාලයකදී සිදුවන බව වෛද්‍යවරු පවසති .
මේ සම්බන්ධයෙන් කල විමසීමකදී හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක චමල් සංජීව මහතා පැවැසුවේ දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවත් කිරි හිරවීමක් හෝ මවට යටවීමෙන් දරුවා මියයාමට ඇතැයි වෛද්‍යවරුන් සැකකරන බවයි.
මෘත දේහය සම්බන්ධයෙන් අද හම්බන්තොට මහරෝහලේදී මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් එහිදී දරුවා මියයාමට හේතුව තහවුරු කර ගත හැකිබවත් ඔහු කීය.