රුපියල් දෙකෝටි විසි එක් ලක්ෂ හයදාස් තුන්සිය තිස් එකක් වටිනා විදේශීය මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු නීති අංශයේ අධ්යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ වයස අවුරුදු 25,34 සහ 38 යන වයස්වල පසුවන මීගමුව, මාතලේ සහ යාපනය යන ප්‍රදේශවල පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයෝ බව රේගුව කියයි.
මොවුන් තිදෙනා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් විදේශීය මුදල් අතර යුරෝ එක් ලක්ෂ එක්දාස් පන්සීයක් සහ ස්විස් ෆ්රෑන්ක් තිස්හත්දහසක් තිබූ බව රේගුව කියයි.