ශ්රී ලංකාවේ දූෂණය හා භීෂණය ප්රසිද්ධියේම සිදුවන බවත්, ඒ සඳහා වගකිවයුතු පුද්ගලයන් බේරාගන්නට රටේ පාලකයන් ඉදරිපත්වන බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා මොරටුව එගොඩඋයන මංසන්ධියේ පැවැති ජනහමුවක් අමතමින් ෆොන්සේකා මහතා ඉහත අදහස් ප්රකාශ කළේය.
“මේ පාලනය එළව, එළවා පහරදෙන්නෙ අපේ මිනිස්සුන්ටමයි. මම පසුගිය ජනාධිපතිවරණයට තරග කරන්න ආපු කේන්තියට මගේ දියණියගේ ස්වාමි පුරුෂයාගෙන්ද පළිගන්න ගිය නායකයෙක්. දැන් මේ රටේ දූෂණය හා භීෂණය සිදුවන්නේ ප්රසිද්ධියේ. මේ රටේ ළමා අපචාර, ස්ත්රී දූෂණ සිදුකරන අයව බේරගන්න මුලින්ම ඉදිරිපත්වෙන්නෙත් මේ පාලකයොම තමයි. මේ ආණ්ඩුවේ ඉන්නේත් හොර කල්ලියක්” යැයි සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසයි.