රටේ ආර්ථික අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට ඉලක්කගත වූ අයවැයක් මෙවර ඉදිරිපත්කර ඇති බවත් දූෂණය අවසන් කිරීමට විශේෂ නීති අවශ්‍ය බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අයවැය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසු අතර දුෂණය අවම කිරීමටපවතින නීතිවලට වඩා නව නීති ගෙන ආ යුතු බවත් පැවසීය. රටේ යහපත සඳහා තමන්ගේ මතවද ඉවත ඉවතදමා සිටීම වැදගත් ලක්ෂණයක්.ඉදිරිපත් කර තිබෙන අයවැය රටේ ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ඉලක්ක ගත වූවක්.නාස්තිය සහ අධික වියදම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි.මෙම නාස්තිය, අධික වියදම, පිරිවැය දරන්න සිදුවන්නේ මේ රටටයි.ඒ බව අති විශාලයි.නාස්තිය සහ අධික වියදම සහ දූෂණය මුලිනුපුටා දැමීම අත්‍යාවශ්‍යයි යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.