වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි ලබාදීම සඳහා දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (02දා) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි ලබාදීම සඳහා කැමැත්ත පළ කරමින් ඔහු විසින් කර තිබූ ඉල්ලීමකට අනුව සාක්ෂි දීම සඳහා ඔහු මෙලෙස කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කොට ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.