ලබන සතියේ සිට යළිත් වරක් දූෂණ විරෝධී සටන අරඹන බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි. එහි කැඳවුම්කරු නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේ ඉකුත් සමයේ දූෂණ, වංචා සම්බන්ධව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය හෙළිකිරීමට අගමැතිවරයා කටයුතු කළ යුතු බවයි. පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාද ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළ යුතු යැයිද ඔහු කීය.