දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි හා තොරතුරු ලබන අප්‍රේල් 24 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කැර ඇති මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත එවන පැමිණිලි බ්ලොක් 5 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 7 යන ජනාධිපති කොමිසන් සභාවේ කාර්යාලය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවන ලෙස කොමිසන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා ඉල්ලා සිටී.