දූෂණ වංචා නැවැත්වීමේ වැඩපිලිවෙළ අප සතුයි - ජවිපෙ
ගමත් නගරයත් ගොඩනැගීමට වංචාව, දූෂණය නතරකර දැමිය යුතු බවත්, එම වැඩපිළිවෙළ ඇත්තේ තමන් සතුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ගමත් නගරයත් ගොඩනැගීම සඳහා බලය ලබාදෙන ලෙස සමහර පක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියද,එහෙත් බොහෝ පක්ෂවල සිටින්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින, වංචා දූෂණ චෝදනාවලට ලක්වූ හා වංචා දූෂණවලට සහයෝගය ලබාදෙන පිරිස් බවද එම පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ගමත් නගරයත් ගොඩනැගීමේ ජවය, ශක්තිය, සමගිය තිබෙන්නේ එම පක්ෂයට පමණක් බවත්, සෑම පළාත් පාලන ආයතනයක්ම ගොඩනැගීම සඳහා තම පක්ෂයට වැඩපිළිවෙළක් තියෙන බවත් ඔහු පවසා සිටියේය.
මේ වැඩපිළිවෙළ ඡන්දයට පෙර ජනතාව අතට පත් කරන බවත්, පොදුවේ මෙම මැතිවරණයේදී ගමත් නගරයත් ගොඩනැගිය හැකි වන්නේ තම පක්ෂයේ නියේජිතයන්ට බවත් ප්රධාන ලේකම්වරයා පවසා සිටියේය.
තම පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින්නේ වංචාවෙන්, දූෂණයෙන් තොර අපේක්ෂකයන් බවත්, මේ නිසා ජනතාවට ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කිරීමට අපහසු නොවන බවත් ඔහු පවසා සිටියේය.
හොරුන් අල්ලන බව හා වංචාව,දූෂණය නැති කරන බව කියමින් බලයට පත් ආණ්ඩුව හොරුන් සහ වංචනිකයන් ආරක්ෂා කරමින් වංචා, දූෂණ හා හොරකම් සිදුකරන බවද ප්රධාන ලේකම්වරයා පවසා සිටියේය.
කෝට්ටේ මහනගර සභාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


