දූෂණ මර්දන ලේකම් කාර්යාලය ගැන විශේෂ නිවේදනයක්
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ද, එහි කාර්ය භාරය සංශෝධනයකට ලක් කරන්නේ ද, එසේත් නැතිනම් අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම සහ පොලිස් මුල්‍ය අපරාධ කෙට්ඨාශය සමග සමාන්තර මට්ටමකින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට වගකීම් පවරන්නේ ද යන්න පිළිබඳ අවසන් නිගමනයකට එළැඹෙන්නේ ඒ සම්බන්ධයෙන් සකස් කරන වාර්තාවකින් පසුව බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දමන බවටත්, එහි කාර්යයන් අඩපණ කරලීමට යම් යම් පාර්ශවයන් උත්සාහ කරන බවටත් සඳහන් කරමින් පසුගිය දින කීපය තුළ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා පළ විය.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය 2015 දී ස්ථාපිත කෙරුණේ දූෂණ සහ වංචා පිළිබඳව ලැබෙන මහජන පැමිණිලි නිරීක්ෂණය කොට, පදනම් සහගත පැමිණිලි අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම වෙත හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමු කිරීමට ය.
මේ කාර්යයන් විධිමත් කරලීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය යන ආයතන තුනම නියෝජනය කරන නිලධාරීන් ඇතුළත් කමිටුවක් විසින් විශේෂ වාර්තාවක් සකස් කෙරෙමින් පවතී. එහි නිර්දේශ මත දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ගැන ඉදිරි තීන්දු ගනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

