දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යනවාද? යන්න පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.දූෂණ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ආයතන ගණනාවක් මේ වනවිට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන නිසා ලිපිගොනු පවත්වාගෙන යෑම සඳහා පමණක් මෙවැනි කාර්යාලයක් පවත්වාගෙන යෑම අනවශ්‍ය බවට අදහස් ඉදිරිපත්ව ඇත.
මිට අමතරව මෙම ආයතනය බලය ඉක්මවා කටයුතු කළ අවස්ථා පිළිබඳවද පැමිණිලි ලැබී ඇති බවද සඳහන් වෙයි. 2015 වසරේ පැවැති ජනපතිවරණයෙන් පසුව මෙම කාර්යාංශය තාවකාලිකව පිහිටුවනු ලැබීය.
දයාසීලි ලියනගේ