දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර මත දෙකක් පවතින බව 'අද' පුවත්පතට වාර්තාවේ.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය තවත් මාස 06කින් දීර්ඝ කිරීම සුදුසු බව දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (11දා) පැවැති කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
එහෙත් එහිදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මගින් ප්‍රධාන පෙළේ දූෂිතයන්ට දඬුවම් ලබාදීමක් සිදුනොවන බැවින් එම ලේකම් කාර්යාලයතවදුරටත් පැවැත්වීමේ කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ජනාධිපතිවරයා අදහස් දක්වා තිබේ.
එමෙන්ම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබීඇති පැමිණිලි සියල්ලම පොලිස්පතිවරයාට යොමුකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.
කෙසේ වෙතත් මෙය අක්‍රිය කර වසා දමනවාද යන්න පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු අතර ද විවිධ මත පැවති බවද වාර්තාවේ.