ජපාන අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ වෙළෙඳ හා අධිකරණ අමාත්‍ය ධුර දෙක වෙනුවට නව අමාත්‍යවරු දෙදෙනෙක් පත්කර ගැනීමට අගමැති ෂින්සෝ අබේ කටයුතු කර තිබේ.
ඒ අනුව, එරට හිටපු ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුකෝ ඔබුචි වෙනුවට 64 හැවිරිදි යොයිචි මියාසාවා පත්කර තිබේ.
එමෙන්ම, හිටපු අධිකරණ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ මිදෝරි මට්සුෂිමා වෙනුවට 61 හැවිරිදි යොකෝ කමිකාවා පත්කර තිබේ.
ෂින්සෝ අබේ අගමැතිවරයා සිය රජයේ කාන්තා දායකත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් පත්කළ ඇමතිනියන් පස් දෙනාගෙන් දෙදෙනෙකුමෙසේ ඉල්ලා අස්විය.
එහිදී, ඔබුචි දේශපාලන අරමුදල් තම රූපලාවණ්‍ය කටයුතු වෙනුවෙන් වියදම් කිරීමේ චෝදනාවන්ට ලක්වූ අතර, මට්සුෂිමා මැතිවරණ නීති කඩකිරීම හා දේශපාලන අරමුදල් පාවිච්චි කිරීම යන චෝදනාවන්ට ලක්විය.