ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සහ පළාත් සභා මැතිවරණයේදී යහොරකම් කළල දූෂණ වංචා කළ කිසිඳු පුද්ගලයෙකුට නාමයෝජනා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතංග මහතා පවසයි. ඊයේ (31දා ) අත්තනගල්ලේ පැවැති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
අත්තනගල්ල ආසනයේ මන්ත්‍රීවරු ගොඩක් මා සමඟ සිටිනවා. ඒවගේම මාත් එක්ක නැති මන්ත්‍රීවරුත් ඉන්නවා.
මම පළමුවැනි දවසෙම කිව්වා, අත්තනගල්ලේ හොරුන්ට මම නම් නාමයෝජනා දෙන්නේ නෑ කියලා. ඒ අය ගන පමම ඉදිරියේදී පරීක්ෂණ පවත්වනවා. මගේ මන්ත්‍රීවරු හරි හොරකම් කරලා තියෙනව නම්ල මම ඔවුන්ට විරුද්ධව උසාධා යන්න වුණත් තීරණය කරලා තියෙන්නෙ.