කොළඹ කුරුඳුරුවත්ත ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට තැන්පත් කිරීම සඳහා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලංජලී ජයකොඩි මහත්මිය ලබාදුන් රුපියල් ලක්ෂ 20ක (රුපියල් 5000/=, නෝට්ටු 400 ක්) මුදල් ව්‍යාජ නෝට්ටු බවට හෙළි වීමෙන් එම මුදල් දුලාංජලී මහත්මියට ලබාදුන් බව කියන තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
දුලාංජලී ජයකොඩි මහත්මිය අද (25දා)කුරුඳුවත්ත පෞද්ගලික බැංකුව වෙත ගොස් මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති අතර අදාළ මුදල් පැවතී ඇත්තේ රුපියල් 5000/- නෝට්ටු වශයෙනි.