දුර්ලභ වර්ගයේ සුදු බකමූණෙකු අරණායක ප්රදේශයේ බූවැලිකඩ ගම්මානයේ මාසයක පමණ කාලයක සිට එකම ස්ථානයක වාසය කරන බව ගම්වාසීහු පවසති. අරණායක හෙම්මාතගම ප්රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇති බූවැලිකඩ ගම්මානයට අයත් කොස් ගසක් සහ දෙල් ගසක් ආශ්රිතව මෙම බකමූණා රැඳී සිටින බව ගම්වාසීහු පවසති.
මේ වනවිට මෙම සුදු බකමූණා සමග තවත් පරිවාර බකමූණන් දෙදෙනෙකුද ඒ අසල ගස්වල සිටින බවත්, ප්රධාන මහා මාර්ගයක් ආසන්නයේ දුර්ලභ වර්ගයේ සතෙකු දැකීමත්, කාලයක් තිස්සේ රිලවුන්ගේ හා කපුටන්ගේ ප්රහාර මැද ආරක්ෂා වෙමින් වාසය කිරීමත් පුදුමයට කරුණක් බවත් ඔවුහු පවසති.
මෙවැනි සුදු බකමූණෙකු මීට පෙර තමන් දැක නොමැති බවත්, කුමන බාධක පැමිණියද එම සත්ත්වයා වෙනත් ස්ථානයකට නොයන බවත් ගම්වාසීහු වැඩිදුරටත් සඳහන් කළහ.
මාවනැල්ල - හෙම්මාතගම විජය බංඩාර