තුන් වැනි සියවසට අයත් ඉතාම දුර්ලභ ඝනයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් සොයා ගැනීමට පාකිස්තාන පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති.
කාබන් කාල නිර්ණයට අනුව මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාව දකුණු ආසියානු රටකින් ලද එම ඝනයේ පැරණිතම බුද්ධ ප්‍රතිමාව බවත්, එය වසර 1,800ක් තරම් පැරණි බවත් පුරාවිද්‍යඥයෝ පවසති.
ගාන්ධාර තොටිල්ල ලෙසින් සැලකෙන පාකිස්තානයේ ඓතිහාසික බෞද්ධ රාජධානියේ සිදුකළ කැණීම්වලින් මෙම බුද්ධ ප්‍රතිමාව හමුවී තිබේ.
කෙසේ වෙතත්, පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම බුද්ධ ප්‍රතිමාව ප්‍රතිසංස්කරණය කරමින් එය පෙර පැවති තත්ත්වයටම ගැනීම පහසු නොවනු ඇති බවයි.