මීගමුව ඩයලොග් සමාගමෙන් ජංගම දුරකථන 14ක් සොරාගැනීමේ සිද්ධියකට සම්බන්ධව කාන්තාවන් දෙදෙනෙකු හා එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාතර හා දික්වැල්ල යන ප්රදේශවල පදිංචි 23,30 හා 40 යන වයස්වල පසුවන්නන්ය.
ජනවාරි 14 වැනිදා මෙම සොරකම සිදුව තිබිණි. ඒ පිළිබඳව මීගමුව නීතිය බලගැන්වීමේ ඒකකය මගින් කරනු ලැබූ විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සොරාගත් දුරකථන තොගයේ වටිනාකම ලක්ෂ 7ක් පමණ වන බවත්, එයින් ජංගම දුරකථන 09ක් සොයාගැනීමට හැකිවූ බවත් පොලීසිය පවසයි.