දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් අද දිනයේදී කිසිදු දුර ගමන් සේවා දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එන්ජින් රියදුරන් පැය 48ක වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ අතර එම වර්ජනය සඳහා දුම්රිය සේවකයන් හා නියාමකවරුන්ද එක්ව තිබේ. අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය විය.