වසර තුනක කාලයක් වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා රුපියල් 10,000ක මුදල් ඇප හා රුපියල් 1,000,000 ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (13දා) නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙන අතර දුමින්ද සිල්වා මහතාට නැවතත් එළැඹෙන මාර්තු 11 අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරනු ලැබීය.