හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම දින හයක් පුරා විමසීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අද (27දා) දින නියම කළේය.
මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම අද (27දා) වැඩිදුර විභාග කළ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පැවැත් වූ දීර්ඝ දේශනය අවසන් කළ අවස්ථාවේදී සෙසු අභියාචකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට මෙලෙස දින නියම කළේය.
ඒ අනුව එළඹෙන මැයි මස 08, 10, 14 සහ 18 වැනි දිනවලදීත් ජුනි මස 04 සහ 05 වැනි දිනවලදීත් මෙම නඩුව විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලීන් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සමන්විත වෙයි.