භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතනයට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 11 දෙනෙක් දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්කෝන් මහත්මිය අද (1දා) කටයුතු කළාය.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ සැකකරුවන් සඳහා චෝදනා පත්‍ර බාරදීමද අද සිදුවිය. මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගත්තේය.
භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට චෝදනා ගොනු කර තිබෙන අතර දෙදෙනෙක් අද උසාවියට පෙනී නොසිටියේය.