ජනාධිපති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකු ඝාතනය කළ බවට, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවාදීම සඳහා වන නඩුව ලබන අප්‍රේල් පළමුවැනිදා කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.
චෝදනා පත්‍රය කියවාදීමට අමතරව විත්තිකරුවන්ගෙන් විත්ති වාචක කැඳවීමටද එදින නියම කරන බව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව කැඳවීමෙන් අනතුරැව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ, විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඉදිරිපත් වී ඇතැයි කියමින් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.