දුම්රියේ ගැටීමෙන් හිටපු නාගරික මන්ත්‍රී මරුට
හලාවත සිට කොළඹ කොටුව දක්වා ගමන්ගත් දුම්රියේ ගැටීමෙන් ජා ඇල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු අද (28දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, වැලිගම්පිටිය ජාඇල වත්ත පදිංචිව සිටිජා ඇල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මෙරිල් ප්‍රනාන්දු (52) නැමැත්තෙකි.
තම ත්‍රිරෝද රථයෙන් නිවසේ සිට ජා ඇල ප්‍රදේශයට එන අතරතුර වැලිගම්පිටිය උසාවිය ආසන්නයේදී දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරෙන් ඔහු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් විය. තිදරු පියෙකු වූ හිටපු නාගරික මන්ත්‍රීවරයා නිවසින් පිටත්ව ගොස් ඇත්තේ ජා ඇල ප්‍ර‘දේශයේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයකට සහභාගී වීම සඳහාය.
මෙරිල් පෙරේරා මහතා සාහිත්‍යධරයකුද වන අතර, ඔහු විසින් රචිත කෙටිකතා කීපයක්ද වෙයි. ජා ඇල ප්‍ර‘දේශයේ සමාජ සේවා කටයුතුවලට දායක වූ ඔහු ගියවර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්ද ජයගෙන සිටියේය.
රුක්මන් කඳාන / පමුණුගම ඇන්ටන් ජයසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

