නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස විජය අමරතුංග මහතා පත් කර තිබේ.
හිටපු සාමාන්‍යාධිකාරි බී.ඒ.පී ආරියරත්න මහතා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරි තනතුරෙන් ඉවත් කර එම සේවයේ වෙනත් තනතුරක් සඳහා පත් කර ඇති බව වාර්තා වේ.
නව පත්කිරීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව ඇත.
නව සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා අද දිනයේ වැඩ බාරගැනීමට නියමිතය.